Author: jhothishalanka
•6:28 AM
  ගැමියකු දිනක් තම හිතවතෙකු සමඟ බුලත් විටක් සපමින් සතුටු සාමිච්චියේ යෙදී සිටින විට තම ගෙවත්තේ දක්නට වූ කෙසෙල් පඳුරක් දැක තේරවිලි කවියක් ගොතා සිය සඟයාට තොරන ලෙස ඉදිරිපත් කළේය.

"මොනරෙක්‌ සිටී දස අත පිල් විදාගෙන
කොකෙක්‌ සිටී කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැම දෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා පවසන් සැණින "

 අනෙත් මිනිසාද නුවණින් මුහුකුරා ගිය අයෙකු විය.තම මිතුරා පැවසූයේ කෙසෙල්  ගැන බව වහා අවබෝධ වුවත් තරමක් වේලා ගෙන කවියෙන්ම පිළිතුර ඉදිරිපත් කළේය.

"දස අත පිලය කීවේ රඹ ගස නොවෙද?
කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද?
ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද?
මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද
?  "
|
This entry was posted on 6:28 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments:

On September 10, 2012 at 9:12 AM , මාතලන් said...

මේවගේ පෝස්ට් හරි අඩුයි.. දිගටම ලියන්න. රහයි

 
On September 10, 2012 at 10:23 AM , jhothishalanka said...

@මාතලන්
බොහොම ස්තූතියි මාතලන් අයියා ඔබගේ දිරි ගැන්වීමට..අපි බ්ලොග් අවකාශයට ආපු දවස්වලට වඩා සින්ඩි වලට ලොකු පෝලිමක් දැන් තියෙනවා.තාම මගේ අළුත් බ්ලොග් එක බලලා තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.අළුත් බ්ලොග් ලියන්නන් කොපමණ අසීරුතාවට පත්වෙනවාදැයි වැටහුනි....
සින්ඩි වලට වැටෙන කල් වැඩි පිරිසක් නොබලන නිසා දිගු ලිපි දැන්ම දාන්න හිතෙන්නේ නෑ...

 
On September 17, 2012 at 5:36 AM , කෝරලේ මහත්තයා said...

අගේ ඇති පොස්ටුවක් දිගටම ලියන්න අපි බලනවෝ

 
Related Posts Plugin for WordPress, Blogger...