Author: jhothishalanka
•12:38 AM
  කුඩා දියණිය පන්සලේ තිබූ අපාය චිත්‍ර පෙලෙහි අපා ගතවූවන්ට දඩුවම් දෙන යම පල්ලන්  දැක ලඟ සිටි සිය පියාගෙන් තමාගේ සිතට නැගෙන ප්‍රශ්න විමසයි.
චූටි දුව - "තාත්තේ.....පව් වැඩ කරල අපායට එන අයට දඩුවම් කරන අර යක්කු වගේ කට්ටිය කවුද?"
තාත්තා - "ආ...ඒ අය තමයි දුව යමපල්ලෝ...."
චූටි දුව - "ඒ අය අපායට ආපු අයට මොනවද කරන්නේ...."
තාත්තා - "ඒ අය පවු වැඩ කරපු අයට එක එක දඩුවම් කරනවා...කටට ලෝදිය හලනවා,කියතෙන් දෙපැත්තට ඉරනවා.කටු ඉඹුලේ නග්ගනවා..තව ගොඩක් දඩුවම් කරන්නේ ඒ අය තමයි...."
චූටි දුව - "වැරදි වැඩ කරන හැමෝම අපායට යනවදා තාත්තේ....පොඩි ළමයින්වත්.."
තාත්තා - "ඔව්.. ඔව්.. මොකද නැත්තේ ......"
චූටි දුව - "ඉතින් තාත්තේ අපායට එන මිනිස්සුන්ට දඩුවම් කරන යම පල්ලන්ට පව් සිද්ද වෙන්නේ නැද්ද? ඒ අයට කවුරුවත් දඩුවම් කරන්නේ නැද්ද?. "
තාත්තා - "හා...හා ඔය ඇති ප්‍රශ්න කළා... දැන් පරක්කුත් වුනා අපි ගෙදර යමු..."
|
This entry was posted on 12:38 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments:

On September 11, 2012 at 2:45 AM , රාජ් said...

අන්න එහෙමයි ළමයින්ට උත්තර දෙන්න ඕන. :)

 
On September 11, 2012 at 4:08 AM , මාතලන් said...

අවුලක් නෑ.. මාත් පොඩි කාළේ තාත්තගෙන අහල තියෙනවා මට මතක නෑ. මේ ළඟදි ආයිත් මතු උන නිසා තාත්තටත් මතක් වෙලා තියෙන්නේ. අලුගෝසුවා අපායේ යනවද කියලා.

 
On September 11, 2012 at 4:09 AM , මාතලන් said...

පින්තූරයක් එහෙම දාලා තව ආල වට්ටම් ටිකක් දාලා කලබල වෙන්නේ නැතුව හෙමිහිට වැඩේ ගෙනියන්න.

ජයවේවා....!!!

 
On September 11, 2012 at 9:41 PM , Weni said...

Uththara nethi prashna...

 
On September 12, 2012 at 11:44 PM , Hasitha Gunasinghe said...

යමපල්ලෝ ඉපදිලා තියෙන්නම ඒ කොන්ත්‍රාත් එකට නිසා පවු නැතුව ඇති

 
Related Posts Plugin for WordPress, Blogger...