•3:58 AM
තෙපානිස් ගෙයක් දොරක් නෑදෑයෙක් නැති අසරන අයෙක් විය.ඔහු උදේ දවල් රාත්‍රී ආහාර වේල පවා සපයා ගත්තේ ගෙන් ගෙට යමිනි.ඔහු නිතර යන එන ගම ගෙදරක් විය.දිනක් දවල් ආහාර වේලාව ආසන්න කාලයේ ඔහු ගම ගෙදරට ගොඩ වැදුනේ දවල් ආහාරය ගම ගෙදරින් සපයා ගැනීමටය.
නිවසට පැමිණි අසරණයකුට ආහාර වේලක් ලබා දීමට ගමරාළ අකමැත්තක් නොදැක්වුවත් එදින විශේෂයෙන් පිළියෙළ කල දඩ මස් තිබූ නිසා හා තෙපානිස් වැනි කෑදරයකුට මස් හට්ටියෙන් කොටසක් වෙන් කළ විට තමාට හා පවුලේ අයට රිසිසේ දඩ මස් ආහාරයට ගත නොහැකි නිසා තෙපානිස් නිවසට එනු ඈත සිටම දුටු ගමරාළ ගම මහගේ හා ගම දියණිය සමඟ කතා කොට තෙපානිස් අවල් ආහාරය සදහා වෙනත් නිවසකට පිටත් කරවීමට උපායක් කතිකා කර ගෙන තිබුනි.
ගෙමිදුලේ තිබූ උදලේලේ මිටෙහි වරදක් නොතිබුනු නමුත් ගමරාළ උදළු මිට ගලවා එය නැවත සවි කරමින් සිටියේය.ගමරාළ දුටු තෙපානිස්,
"ගමරාළ අද උදළු මිටක් ගහනවා වගේ නේද?
ගමරාළ කිසිදු දෙයක් නොකියා තම කාර්යය දිගටම කරගෙන ගියේය.ගමරාළ කතා නොකරන බව දැක තෙපානිස් සාලයට ගොඩ විය ගම දුව සාලයේ පැදුරක් වියමින් සිටියාය.
ගමරාළ කිසිදු දෙයක් නොකියා තම කාර්යය දිගටම කරගෙන ගියේය.ගමරාළ කතා නොකරන බව දැක තෙපානිස් සාලයට ගොඩ විය ගම දුව සාලයේ පැදුරක් වියමින් සිටියාය.
"ගම දූ පැදුරක් වියනවා වගේ..."
ගම දුවද කතා බහක් නැත.දෙදෙනාම තමා සමඟ කතා නොකිරීම එතරක් තැකීමක් නොකළ තෙපානිස්ද කුස්සිය දෙසට ගමන් කළේය.ගම මහගේ දවල් බත පිසමින් සිටියාය.
ගම දුවද කතා බහක් නැත.දෙදෙනාම තමා සමඟ කතා නොකිරීම එතරක් තැකීමක් නොකළ තෙපානිස්ද කුස්සිය දෙසට ගමන් කළේය.ගම මහගේ දවල් බත පිසමින් සිටියාය.
"ආ...ගම හාමිනේ බත් උයනවා වගේ..."
ගම මහගේද කතාවක් නැත.තෙපානිස් පැමිනි බවක් වත් නොතකා ගම ගෙදර සියල්ලෝ තමන්ගේ වැඩය කරමින් සිටිති.ටික වේලාවක් නිවස තුළ සිටි තෙපානිස් ගෙයින් එළියට බැස මද දුරක් ගොස් ගේ අසළ පිහිටි කෙසෙල් පදුරකට මුවාවී ගම ගෙදර සිදුවන්නේ කුමක් දැයි බලා සිටියේය.

තෙපානිස් පිටවී ගියේ යැයි සතුටු වූ ගමරාළ ගම මහගේ ගම දුව තිදෙනාම සාලයට විත් සතුටු සිනා පෑහ.තමාගේ උපක්‍රමය සාර්ථක වීම ගැන ගමරාළ කවි පදයකින් පැවසුවේය.
"ගැහුව මිටත් නොගැහු ලෙසට දැක්කද මං ගැහුවා"
ගම දුවද සතුටින් ඉපිලෙමින්
"විව්ව පැදුර නොවීවූ ලෙසට දැක්කද මං විව්වා"
ගම මහගේද එකතු වෙමින්..
"ඉව්ව බතත් නොඉව් ලෙසට දැක්කද මං ඉව්වා"
කෙසෙල් පදුරට මුවාවී මේ සියල්ල බලා සිටි තෙපානිස්ද වහා නිවස දෙසට එමින්
"ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මං ආවා" යැයි පවසමින් ගෙට ගොඩ විය
මෙම සිදුවීමෙන් බිහිවූ ජන කවිය ..
"ගැහුව මිටත් නොගැහු ලෙසට දැක්කද මං ගැහුවා
විව්ව පැදුර නොවීවූ ලෙසට දැක්කද මං විව්වා
ඉව්ව බතත් නොඉව් ලෙසට දැක්කද මං ඉව්වා
ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මං ආවා "

1 comments:
දොම්පෙට යන පාර කොයිබදෝ කවිය හැදුණු කතාවත් මේක කියෙව්වාම මතක් වුණා