Author: jhothishalanka
•5:20 AM
    Microsoft security essentials ,windows media player වැනි මයික්‍රොසො‍ෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය කිරීමේදී windows genuine notification මගින් ඊට බාධා ඇති කිරීම  windows xp වලින් වැඩ කරන බොහෝ දෙනෙකුට මතුවන පුධාන ගැටළුවකි.
    අන්තර්ජාලය හරහා වැඩ කිරීමේදී තම පරිගනකයේ ස්ථාපිත windows xp මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ පිටපතක් බව දක්වමින්  සිදු කෙරෙන මෙම බාධාව නිසා මෙහෙයුම් පද්ධතියට ඇතිවන බලපෑම වැලැක්වීමට windows update අක්‍රිය කොට තැබීමට වැඩිදෙනා පුරුදුව සිටී.
Author: jhothishalanka
•7:33 AM
                                   
 සිරිදාස කැළයට ගියේ දර කැඩීමටය.දර කෝටු එකතු කරමින් සිටින විට එක්වරම පොලෝ මට්ටමින් සිහින් හඩකින් යමෙකු කතා කරනු සිරිදාසට ඇසුනි.
"කොහොමද යාළුවා.."
 පුදුමයට පත්වූ සිරිදාස වටපිට බැලීය.කිසිවෙකු පෙනෙන්නට නැත.
 "කවුද"
 සිරිදාස පෙරළා ප්‍රශ්න කළේය.
 "මම මේ ඔබේ ළඟමයි.පල්ලෙහා බලන්න"
 සිරිදාස හඩ ආ දෙසට ලංවී විමසිල්ලෙන් බැලීය.සිරිදාසගේ ඇස් අදහා ගත නොහැකි විය.මෙතෙක් වෙලා තමා සමඟ කතා කොට ඇත්තේ ගෙම්ඹෙකි.හරි පුදුමයි කතා කරන ගෙම්ඹෙක්..
"මමත් එන්නද ඔබ සමඟ කැළේ ඇවිදින්න."ගෙම්බා සිරිදාස දෙස බලමින් ඇසීය.
 "ප්‍රශ්නයක් නෑ" වික්‍ෂෂිප්තව සිටි සිරිදාස පැවසුවා නොව ඔහුට ඉඹේම කියැවනි.
 සිරිදාස ගෙම්ඹා සමඟ කැළැව පුරා ඇවිද්දේය.ඇවිදන ගමන් දෙදෙනා දොඩමළු විය.වේලාව ගතවනවා දෙදෙනාටම නොදැනුනි.
 "දැන් හොදටම රැ වෙලා මම එහෙනම් ගෙදර යන්නද?" සිරිදාස ගෙම්බා දෙස බලමින් ඇසීය.
 ගෙම්ඹා දුකෙන් මෙන් සිරිදාස දෙස බලා සිටියේය.ගෙම්බා තමා දෙස බලා සිටින ආකාරය දුටු සිරිදාසටද දුක සිතුණි.
 "මේ කැලේ මට යාළුවෝ නැහැ.ඔබ තමයි මට හමුවූ හොදම මිතුරා.මම අද ඔබ සමඟ රාත්‍රී ආහාරයට එන්නද?"
 ගෙම්බාග් ඉල්ලීමට සිරිදාසට හිනා ගියත් ගෙම්බාට නිගා වේ යැයි සිතූ ඔහු ඒම ඉල්ලීම සලකා ගෙම්බාද සමඟ නිවසට ගොස් රාත්‍රී ආහාරය ගත්තේය.
  රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු ගෙම්බා ඇමතූ සිරිදාස
 "දැන් හොදටම රැ වෙලා එහෙනම් ඔබ නැවත කැළයට යන්න"
 නමුත් ගෙම්බා පැවසුවේ මේ රාත්‍රයේ තමාට නැවත කැළයට යාමට නොහැකි බවත් සර්පයන්ගෙන් තමාට කරදරයක් සිදු විය හැකි නිසා අද රාත්‍රිය මෙහි ගතකොට හෙට උදයේ කැළයට යාමට අවසර දෙන මෙන්ය.
  සිරිදාසට ගෙම්බා ගැන නැවත දුක හිතුනි.
 "එහෙනම් අද ඉදලා හෙට උදේ යන්න."
 සිරිදාස නිදා ගැනීමට ඇදට ගියේය.ගෙම්බා ඔහු අසලට ලංවී
 "ඔයාට ගුඩ් නයිට්.මට ගුඩ් නයිට් කිස් එකක් දෙන්නේ නැද්ද?"
 සිරිදාසට මොකක්දෝ හැගීමක් දැනුනි.ඔහු ගෙම්බාට වශී ඇති ආකරයක් ඔහුටද දැනුනි.ඔහු ගෙම්බාව සිප ගත්තේය.
 ඒ සමඟම ගෙම්බා දහසය හැවිරිදි සුරූපී ළමිස්සියක් බවට පත්විය.

 "විත්තිකරුගේ නිදහසට කරුණු දැක්වීමේ විස්තරය එපමණයි ස්වාමිනී"
 බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි සිරිදාස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පිළිතුරු දුන්නේය.
Author: jhothishalanka
•7:49 AM
 සිංහල ප්‍රස්ථා පිරුළු රසය
     එය නවවැනි පන්තියේ සිංහල කාල පරිච්ඡේදය විය.පාඩමේ මාතෘකාව "සිංහල ප්‍රස්ථා පිරුළු" විය.සිසුන්ට පාඩම කියාදී අවසානයේ ගුරුවරයා විසින් ප්‍රස්ථා පිරුළු 15 බැගින් ලියා දක්වන ලෙස සිසු සිසුවියන්ට අණ කලේය.
   සිසුන් තමන්ට හැකි අයුරින් ප්‍රස්ථා පිරුළු දක්වා තිබුනි.සිසුන් සාර්ථකව පාඩම වටහා ගැනීම හා අවබෝධකර ගැනීම පිළිබඳව ගුරුවරයා ඉමහත් සතුටට පත්විය.සිසුන්ගේ පොත් පරීක්‍ෂා කරන අතරතුර එක් සිසුවකුගේ පොතේ ලියා තිබූ ප්‍රස්ථා පිරුළු කිහිපයක් දුටු ගුරුවරයාගේ ඇස් උඩ ගියේය.

 1. ඉබ්බා අහසින් වැටී නැසුණේ වචාලකම නිසා නොව ගුරුත්වා කර්ෂණය නිසා ය.

2. කොටියා කට අරින්නේ ආයුබෝවන් කීමට නොවේ.

3. සැබෑ ගුරුවරයකුගේ ගෝලයෝ චන්ද්‍රයින් නොව සූර්යයෝ වෙති.

4. මඩ සෝදාගත් ගොවියා රජ නොවන්නේ යළිත් මඩ ගා ගැනීමට සිදුවන බැවිනි.

5. කැකුණ තළන ඌරන් නැතිවී ගිය දිනක හබන් කුකුළන් ගේ රජ මඟුල් කෑම ද නවතී.

6. ගසක සෞන්දර්ය කියුබික් අඩිවලින් දකින්නෝ ද වෙති.

7. තරගය අවසානයේදී අශ්වයාට හතිය ද, ජොකියාට පී‍්‍රති ඝෝෂාව ද, හාම්පුතාට රන් කුසලාන ද හිමි වේ.

8. නින්දේ අගය තේරුම් ගන්නේ පිලේ පැදුර මත නිදන්නා නොව සිරියහනේ නිදි වර්ජිත ව සිටින්නා ය.

9. ඡන්දයක දී නම් ගුණ නැණ බෙලෙන් යුතු පුතුට වඩා පින් මද පුතුන් සියය අගනේ ය.

10. අබුද්දස්ස යුගවල දී පේ‍්‍රතයෝ දිව්‍ය විමානවල පදිංචියට යති.

11. කට නිසා මාළුවා නැසෙයි, දේශපාලකයා රැකෙයි.

12. නීතිය ඇත්තේ දුබලයාට පිළිපැදීමටත් බලවතාට උල්ලංඝනය ඛ්ලමටත්ය.

13. බුරන බල්ලෝ නොබුරන විට දී සපා කති.

14. කුක්කන් සමඟ නින්දට ගිය විට මැක්කන් සමඟ අවදි වීමට සිදු වේ.

15. ඉබ්බා ගේ වේගය ගොළුබෙල්ලාට මවිතයකි.

 එම ප්‍රස්ථා පිරුළු ලියා තිබූ සිසුවා පසු කලෙක රටේ ප්‍රස්ද්ධ වියත් ගත් කතුවරයෙක් විය.ඔහුගේ කෘතියක් දොරටු වැඩුම් උත්සවයකදී මහළු ගුරුවරයා මෙම සිද්ධිය මතක් කරමින් විශේෂ කතාවක් පැවැත්වීය.

Author: jhothishalanka
•3:58 AM

 තෙපානිස් ගෙයක් දොරක් නෑදෑයෙක් නැති අසරන අයෙක් විය.ඔහු උදේ දවල් රාත්‍රී ආහාර වේල පවා සපයා ගත්තේ ගෙන් ගෙට යමිනි.ඔහු නිතර යන එන ගම ගෙදරක් විය.දිනක් දවල් ආහාර වේලාව ආසන්න කාලයේ ඔහු ගම ගෙදරට ගොඩ වැදුනේ දවල් ආහාරය ගම ගෙදරින් සපයා ගැනීමටය.
   නිවසට පැමිණි අසරණයකුට ආහාර වේලක් ලබා දීමට ගමරාළ අකමැත්තක් නොදැක්වුවත් එදින විශේෂයෙන් පිළියෙළ කල දඩ මස් තිබූ නිසා හා තෙපානිස් වැනි කෑදරයකුට මස් හට්ටියෙන් කොටසක් වෙන් කළ විට තමාට හා පවුලේ අයට රිසිසේ දඩ මස් ආහාරයට ගත නොහැකි නිසා තෙපානිස් නිවසට එනු ඈත සිටම දුටු ගමරාළ ගම මහගේ හා ගම දියණිය සමඟ කතා කොට තෙපානිස් අවල් ආහාරය සදහා වෙනත් නිවසකට පිටත් කරවීමට උපායක් කතිකා කර ගෙන තිබුනි.
Author: jhothishalanka
•12:38 AM
  කුඩා දියණිය පන්සලේ තිබූ අපාය චිත්‍ර පෙලෙහි අපා ගතවූවන්ට දඩුවම් දෙන යම පල්ලන්  දැක ලඟ සිටි සිය පියාගෙන් තමාගේ සිතට නැගෙන ප්‍රශ්න විමසයි.
චූටි දුව - "තාත්තේ.....පව් වැඩ කරල අපායට එන අයට දඩුවම් කරන අර යක්කු වගේ කට්ටිය කවුද?"
තාත්තා - "ආ...ඒ අය තමයි දුව යමපල්ලෝ...."
චූටි දුව - "ඒ අය අපායට ආපු අයට මොනවද කරන්නේ...."
තාත්තා - "ඒ අය පවු වැඩ කරපු අයට එක එක දඩුවම් කරනවා...කටට ලෝදිය හලනවා,කියතෙන් දෙපැත්තට ඉරනවා.කටු ඉඹුලේ නග්ගනවා..තව ගොඩක් දඩුවම් කරන්නේ ඒ අය තමයි...."
චූටි දුව - "වැරදි වැඩ කරන හැමෝම අපායට යනවදා තාත්තේ....පොඩි ළමයින්වත්.."
තාත්තා - "ඔව්.. ඔව්.. මොකද නැත්තේ ......"
චූටි දුව - "ඉතින් තාත්තේ අපායට එන මිනිස්සුන්ට දඩුවම් කරන යම පල්ලන්ට පව් සිද්ද වෙන්නේ නැද්ද? ඒ අයට කවුරුවත් දඩුවම් කරන්නේ නැද්ද?. "
තාත්තා - "හා...හා ඔය ඇති ප්‍රශ්න කළා... දැන් පරක්කුත් වුනා අපි ගෙදර යමු..."
Author: jhothishalanka
•6:28 AM
  ගැමියකු දිනක් තම හිතවතෙකු සමඟ බුලත් විටක් සපමින් සතුටු සාමිච්චියේ යෙදී සිටින විට තම ගෙවත්තේ දක්නට වූ කෙසෙල් පඳුරක් දැක තේරවිලි කවියක් ගොතා සිය සඟයාට තොරන ලෙස ඉදිරිපත් කළේය.

"මොනරෙක්‌ සිටී දස අත පිල් විදාගෙන
කොකෙක්‌ සිටී කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැම දෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා පවසන් සැණින "

 අනෙත් මිනිසාද නුවණින් මුහුකුරා ගිය අයෙකු විය.තම මිතුරා පැවසූයේ කෙසෙල්  ගැන බව වහා අවබෝධ වුවත් තරමක් වේලා ගෙන කවියෙන්ම පිළිතුර ඉදිරිපත් කළේය.

"දස අත පිලය කීවේ රඹ ගස නොවෙද?
කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද?
ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද?
මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද
?  "
Author: jhothishalanka
•8:38 AM


Related Posts Plugin for WordPress, Blogger...