•7:49 AM
සිංහල ප්රස්ථා පිරුළු රසය
එය නවවැනි පන්තියේ සිංහල කාල පරිච්ඡේදය විය.පාඩමේ මාතෘකාව "සිංහල ප්රස්ථා පිරුළු" විය.සිසුන්ට පාඩම කියාදී අවසානයේ ගුරුවරයා විසින් ප්රස්ථා පිරුළු 15 බැගින් ලියා දක්වන ලෙස සිසු සිසුවියන්ට අණ කලේය.
සිසුන් තමන්ට හැකි අයුරින් ප්රස්ථා පිරුළු දක්වා තිබුනි.සිසුන් සාර්ථකව පාඩම වටහා ගැනීම හා අවබෝධකර ගැනීම පිළිබඳව ගුරුවරයා ඉමහත් සතුටට පත්විය.සිසුන්ගේ පොත් පරීක්ෂා කරන අතරතුර එක් සිසුවකුගේ පොතේ ලියා තිබූ ප්රස්ථා පිරුළු කිහිපයක් දුටු ගුරුවරයාගේ ඇස් උඩ ගියේය.
1. ඉබ්බා අහසින් වැටී නැසුණේ වචාලකම නිසා නොව ගුරුත්වා කර්ෂණය නිසා ය.
2. කොටියා කට අරින්නේ ආයුබෝවන් කීමට නොවේ.
3. සැබෑ ගුරුවරයකුගේ ගෝලයෝ චන්ද්‍රයින් නොව සූර්යයෝ වෙති.
4. මඩ සෝදාගත් ගොවියා රජ නොවන්නේ යළිත් මඩ ගා ගැනීමට සිදුවන බැවිනි.
5. කැකුණ තළන ඌරන් නැතිවී ගිය දිනක හබන් කුකුළන් ගේ රජ මඟුල් කෑම ද නවතී.
6. ගසක සෞන්දර්ය කියුබික් අඩිවලින් දකින්නෝ ද වෙති.
7. තරගය අවසානයේදී අශ්වයාට හතිය ද, ජොකියාට පී‍්‍රති ඝෝෂාව ද, හාම්පුතාට රන් කුසලාන ද හිමි වේ.
8. නින්දේ අගය තේරුම් ගන්නේ පිලේ පැදුර මත නිදන්නා නොව සිරියහනේ නිදි වර්ජිත ව සිටින්නා ය.
9. ඡන්දයක දී නම් ගුණ නැණ බෙලෙන් යුතු පුතුට වඩා පින් මද පුතුන් සියය අගනේ ය.
10. අබුද්දස්ස යුගවල දී පේ‍්‍රතයෝ දිව්‍ය විමානවල පදිංචියට යති.
11. කට නිසා මාළුවා නැසෙයි, දේශපාලකයා රැකෙයි.
12. නීතිය ඇත්තේ දුබලයාට පිළිපැදීමටත් බලවතාට උල්ලංඝනය ඛ්ලමටත්ය.
13. බුරන බල්ලෝ නොබුරන විට දී සපා කති.
14. කුක්කන් සමඟ නින්දට ගිය විට මැක්කන් සමඟ අවදි වීමට සිදු වේ.
15. ඉබ්බා ගේ වේගය ගොළුබෙල්ලාට මවිතයකි.
එම ප්රස්ථා පිරුළු ලියා තිබූ සිසුවා පසු කලෙක රටේ ප්‍රස්ද්ධ වියත් ගත් කතුවරයෙක් විය.ඔහුගේ කෘතියක් දොරටු වැඩුම් උත්සවයකදී මහළු ගුරුවරයා මෙම සිද්ධිය මතක් කරමින් විශේෂ කතාවක් පැවැත්වීය.

7 comments:
අඩේ මමත් කවදා හරි ප්‍රසිද්ධ වියත් ගත් කතුවරයෙක් වෙයිද දන්නෑ. අපේ ඉස්කෝලේ මොකක්දෝ එහෙකට ගස් ගැන නිර්මාණාත්මක වාක්‍ය 5ක් ලියලා දෙන්නැයි කිව්වා. මං ලිව්ව වාක්‍ය 5 දැක්ක අපේ ෆිසික්ස් සර් හිනා වෙලා ඒ කොළේ සාක්කුවේ දාං ස්ටාෆ් රූම් එක පැත්තට ගියා.
කරුමෙට මට ඒකෙන් මතක වාක්‍යය 2ක් විතරයි
1) අපි නැඟ්ගොත් පුවක් ගහෙත් ත්රිබලක්!
2) කවුරුත් හොයන්නේ හොඳ කඳක් තමා!
ඒක නෙමෙයි ජෝති අංකල්.. බලන්නකෝ මේ බ්ලොග් එක හරි අපූරුයිනේ අරක වගේ නෙමෙයි! :D
@පූසා
ජෝති අංකල්.. ?????? D
අපුරුයි නේන්නම්.....:D ඔන්න මාත් ගොඩ උනා...
මමත් මේ කතාව යාන්තමට අහලා තිබුනා වගේ මතකයි
@Soda ගුනේ
හොදයි හොදයි අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
නියමයි... නියමයි.
කුරුම්නියා.
මම නම් ඔබතුමාගේ ජොතිශය අඩවිය නොකඩවා බැලුවෙක් ජොතිශය ගැන වැටහීමක් නැතත් තේරුම කරගත හැකි ලිපි සියල්ලම වගේ කියෙව්වා ඔන්න ඉතින් මම අද ඉඳන් මේකටත් එනවා ඕන්